Published
මෙම වසරේ තුන්වන කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 5යි දශම 4ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
කෘෂිකාර්මික අංශය සියයට 3යි දශම 6කින් කාර්මික අංශය සියයට 8යි දශම 1කින් සහ සේවා අංශය සියයට 3යි දශම 5කින් තුන්වන කාර්තුවේදී ධන වර්ධනයන් වාර්තා කර ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ.




