පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අද, හෙට සහ අනිද්දා යන දින තුනට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයේ කටයුතු කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළා.
ඒ අනුව කල් දැමූ දින තුනට අදාළ කල් දැමූ විභාග දෙසැම්බර් 07, 08 සහ 09 යන දින තුනේදී පැවැත්වීමට තීරණය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පැවසුවේ.
මේ අතර, තුන්වන පාසල් වාරයේ දෙවන අදියර කලින් සැලසුම් කළ පරිදි දෙසැම්බර් මස 08 වනදා ආරම්භ නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ එම පාසල් වාරය දෙසැම්බර් මස 10 වනදා ආරම්භ කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද, හෙට සහ අනිද්දා දිනවල පැවැත්වීමට නියමිතව තිබූ උසස්පෙළ විභාගයේ විෂයන් දොසැම්බර් 07, 08 සහ 09 යන දිනවල පැවැත්වීමට තීරණය වී තිබීම ඊට හේතු වී තිබෙනවා.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට දිනයේ සිට නැවත කාලගුණය නැවත යථා තත්ත්වයට පත් වන තුරු පෙර පාසල් ඇතුළු සියලු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය නිවේදනය කළා.




