2025 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර අදින් ආරම්භ වනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසල් 640ක් හැර සෙසු පාසල් අද සිට ආරම්භ වන බවයි.

ආපදාවට ලක්වූ දරුවන්ට සහ ගුරුවරුන්ට පහසු ඇඳුමකින් පාසලට පැමිණීමට අවස්ථාව සලසා දෙන ලෙසද විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියේ.

මෙම පාසල් වාරය ක්‍රියාත්මක වන දින සම්බන්ධයෙන්ද බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා මෙලෙස කරුණු දැක්වුවා.