තුර්කියේ වයඹදිග පළාතේ බාලිකෙසීර් ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබෙනවා. මෙම භූමිකම්පාව බලිකෙසිර් පළාතේ, සින්දිර්ගි නගරය අසලින් කේන්ද්‍රගත වී ඇති අතර භූමිකම්පාව ඇති වූයේ මතුපිට සිට කිලෝමීටර් 10-11ක පමණ නොගැඹුරු ගැඹුරකින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ භූමිකම්පාවෙන් පසු රික්ටර් මාපකයේ 4.6ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පනයක්ද ඇතුළුව තවත් පසු කම්පන කිහිපයක් ඇති වූ බව තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ ඒජන්සිය තහවුරු කරන්නේ. මෙම 6.1ක ප්‍රබල භූමිකම්පාවක් එහි කම්පන කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි ඉස්තාන්බුල් නගරයට පවා දැනී ඇති බවත් මේ හේතුවෙන් සින්දිර්ගි නගරයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.