Published
Update
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් තුර්කියේ, ඉස්තාන්බුල් බලා ගිය මගීන් රැගත් ගුවන් යානය හදිසි ගොඩබෑමක් සිදු කර මේ වන විට යලි ගමනාන්තය වන තුර්කියේ, ඉස්තාන්බුල් බලා පිටත්ව ගිය බව වාර්තා වනවා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් තුර්කියේ, ඉස්තාන්බුල් බලා ගිය මගීන් ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් සඳහා සූදානම් වෙමින් ඇති බව වාර්තා වනවා.
මෙම ගුවන්යානයේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත යළි ගොඩබෑමට සූදානම් වෙමින් ඇති බව සඳහන් වනවා.
මෙම ගුවන් යානයේ මගීන් 202 දෙනෙකු සිටින බව වාර්තා වන අතර මෙම ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉහළ අහසේ පියාසර කරමින් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ ඉන්ධන ප්‍රමාණය අඩු කර ගැනීම සදහා බවයි වාර්තා වන්නේ.
මෙම ගොඩ බැස්වීමට හේතුව වන්නේ තාක්ෂණික දෝෂයක් බවටයි වාර්තා වන්නේ.
![]()


