නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවත ප්‍රදේශයේදී තුසිත හල්ඔලුව යන අය හා තවත් පුද්ගලයෙකු ගමන් කරමින් සිටි ජීප් රථයට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් කඩවත හා ගණේමුල්ල ප්‍රදේශවල සිදුකල වැටලීම්වලදීයි.
එහිදී ටී-56 ජීව පතරොම් 13ක්, එම පතරොම් ගැබක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 590ක්, විද්‍යුත් තරාදියක්, ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට සැකකරන ජාතික හැඳුනුම්පතක් හා ජංගම දුරකථන 03ක් සමඟ අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 හා 38 යන වයස්වල පසුවන ගිරිඋල්ල හා ගණේමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් දේපල වෙඩි තැබීම සිදුකල ප්‍රධාන සැකකරුගෙන් ලබාගෙන ප්‍රවාහනය කිරීම හා සන්තකයේ තබාගෙන අපරාධයට ආධාර අනුබල දී ඇති බවයි.