Published
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට පැමිණ සිටිනවා.
ඒ මහතාට එරෙහි නඩුවක් ඊයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කළා.
ඒ අනුව අධිකරණයට ඉදිරිපත් වී එම වරෙන්තුව ආපසු කැඳවීම සඳහා ඒ මහතා අධිකරණයට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.



