පසුගිය දා නාරාහෙන්පිට ප්‍රදේශයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සැකපිට නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත යේ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව සඳහන් කළා.
ඔහු විසින් සිදු කර තිබෙන්නේ තුසිත හල්ලොලුව නමැත්තාට නීතිඥවරයෙකු වශයෙන් වෘත්තීය සේවාව සැපයීම පමණක් බවත් ඔහු කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවත් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා කරුණු පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර එය දින 14 ක් බල පැවැත්වෙන බවත් සඳහන් විය.


