අයහපත් කාලගුණය හේතුවෙන් ගංවතුරින් යටවී තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුම මේ වන විට විවෘත කර තිබෙනවා.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ රථ වාහනවලට අතුරුගිරිය පිවිසුම හරහා කඩවත දෙසට සහ මාතර දෙසට ගමන් කිරීමට හැකියාව පවතින බවයි පොලිසිය පැවසුවේ.

කෙසේවෙතත් අතුරුගිරිය පිවිසුමෙන් මාතර දෙසට වාහන ඇතුලු කරන කොටසේ ගංවතුර සම්පූර්ණයෙන්ම බැසගොස් නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.