දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19 වන කිලෝ මීටරයේ සිට 34 වන කිලෝ මීටරය දක්වා ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එම මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කර ඇත්තේ අදාල මාර්ග කොටසේ ඉරිතැලීම් සහ අභ්‍යන්තර ව්‍යුහාත්මක හායනයන් සිදුවී තිබීම හේතුවෙන්. ඒ අනුව ඊට අදාල කොන්ත්‍රාත්තුව අවම ලන්සුකරු වන “මාගා ඉංජිනියරින් ප්‍රයිවයට් ලිමිටඩ්” වෙත ප්‍රධානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණා.