Published
දකුණු අප්‍රිකාවේ අගනුවර වන ප්‍රිටෝරියාහි නේවාසිකාගාරයක අද වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එහිදී පුද්ගලයන් 11 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අතර තුන් හැවිරිදි දරුවෙකු ද වනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වෙඩිතැබීම සිදු කිරීමට වෙඩික්කරුවන් තිදෙනෙකු පැමිණ ඇති බවට සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
කෙසේවෙතත් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
වෙඩි තැබීමට හේතුවද මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.



