දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පැය කිහිපයකට පසු ලී ජේ මියුන්ග් සිය ධූරයේ දිවුරුම් දී තිබෙනවා.
එම දිවුරුම් දීමේ උත්සවය අමතමින් ජනධිපතිවරයා විසින් එරට එක්සත් කිරීමට කටයුතු කරන බවට ප්‍රතිඥා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
කෙසේ වෙතත් මෙම උත්සවය සරල ආකාරයෙන් සංවිධානය වී තිබු අතර දිවුරුම් දුන් වහාම රාජ්‍ය කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීම ලී ජේ මියුන්ග් ජනධිපතිවරයාගේ අරමුණ වී තිබෙනවා.
ඒ අනුව පළමු දිනයේ සිටම ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවට දකුණු කොරියාවේ නව ජනධිපතිවරයා පවසා තිබෙනවා.
එසේම ඔහු සඳහන් කළේ කිසිදා හමුදා කුමන්ත්‍රණයක් සිදු නොවන බවට සහතික වන බවයි.
නැවත කිසිදාක ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට තර්ජනයක් වීමට තමන් විසින් ඉඩ නොදෙන බවත්, බෙදීම් දේශපාලනය අවසන් කරන බවත් ජනධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත් දකුණු කොරියාවේ නව ජනධිපතිවරයාගේ එම ජයග්‍රහණය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන් සඳහන් කළේ මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම නිසි ලෙස ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මහජනතාවගේ ඉල්ලීම ප්‍රකාශ වන බවයි.