දකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් 12 දෙනෙකු අතුරුදහන් වී ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසනවා.
හදිසි ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
පසුගිය බදාදා දිනෙන් ආරම්භ වූ වර්ෂාව හේතුවෙන් එරට 10,000කට ආසන්න පිරිසක් සිය නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ගොස් තිබුන අතර නිවාස 41,000 කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ගංවතුරෙන් මාර්ග සහ ගොඩනැගිලි දහස් ගණනක් හානි වී ජලයෙන් යටවී ඇති අතර, ගොවිබිම් වලට දැඩි ලෙස හානි සිදුවී තිබෙනවා.
ආපදා තත්ත්වයෙන් දරුණුතම බලපෑම එල්ල වී ඇත්තේ එරට දකුණු සහ මධ්‍යම ප්‍රදේශවලට වන අතර ගංවතුර තත්ත්වයෙන් මාර්ග සහ ගොඩනැගිලි දහස් ගණනක් යට වී ඇතැයි ද වාර්තා වන්නේ
උතුරු ගැප්යොං ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය අතර දේපළ කිහිපයක් විනාශ වී තිබෙනවා
තවද සැන්චියොං හි පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු අතුරුදහන් වී ඇති අතර පවතින තත්ත්වය හේතුවෙන් එරට ප්‍රදේශ රැසකට බරපතළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමටද එරට ආපදා කළමනාකරණ කාර්යාලය පියවර ගෙන තිබේ.
මේ අතර දරුණුතම හානියට පත් ප්‍රදේශ විශේෂ ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති ලී ජේ-මියුං නියෝග කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ