Published
දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් ලී ජේ-මියුන්ග් ජයග්‍රහණය කර තිබෙනවා.
ඒ ආන්දෝලනාත්මක දකුණු කොරියානු ජනපතිවරයාව දෝෂාභියෝගකින් බලයෙන් පහකළ පසු පැවති ජනාධිපතිරවණයෙන් අනතුරුවයි.
විපක්ෂය නියෝජනය කළ ජේ-මියුං ප්‍රකාශිත ඡන්දවලින් 49.3% ක් ලබා ගත් අතර, ප්‍රධාන කොන්සර්වේටිව් තරඟකරු කිම් මූන් සූ 41.3% ක් ලබා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
රටේ සුදුසුකම් ලත් ඡන්දදායකයින් මිලියන 44.4 න් 80% කට ආසන්න ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර තිබෙන අතර එය දකුණු කොරියාවේ ජනාධිපතිවරණ සඳහා වාර්තා වූ ඉහළම ඡන්ද ප්‍රතිශතය වනවා.
නව ජනපති ලෙස තේරී පත්වූ 60 හැවිරිදි ලී, වසර පහක කාලයක් සඳහා ධුරයේ කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.