Published
බන්ධනාගාර ගත කර සිටින දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ බිරිඳ, අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොටස් හැසිරවීම සහ අල්ලස් ගැනීම ඇතුළු චෝදනා රැසක් හේතුවෙන්. 52 හැවිරිදි ඇය දකුණු කොරියාවේ වාහන අලෙවි සමාගමක කොටස් මිල වංචා කිරීමේ ගණුදෙනුවකට සහභාගී වී වොන් මිලියන 800කට වඩා ආදායමක් උපයා ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ඇය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපති ආර්යාව සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේවෙතත් සාක්ෂි විනාශ කිරීමේ අවදානම සලකා ඇය රැඳවුම් නියෝග මත රඳවා තැබීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරුන් විවිධ චෝදනා මත සිරගත කළ අවස්ථා මීට පෙර ද වාර්තා වුණා. කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති ආර්යාව යන දෙදෙනාම සිරගත කළ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.