Published
දකුණු වෙරළ තීරයට ඔබෙන් පිහිටි මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාව විසින් සොයා ගන්නා ලද මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
දැඩි ආරක්ෂක විධිවිධාන මැද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම උර තොගය අධිකරණයට ඉදිරිපත් කළා.
මත්ද්‍රව්‍ය අන්තර්ගත අඩංගු බවට සැක කෙරෙන උර තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට නියෝග ලබාදෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් අවසර ලබාදී තිබෙනවා.
ඉකුත් 14 වනදා තංගල්ල රැකව මුහුදේ සැක කටයුතු උර තොගයක් පාවෙමින් තිබෙන බවට ධීවරයින් පිරිසක් දෙන ලද තොරතුරකට අනුව අදාල මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවත් විමර්ශන නිළධාරින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.