ගොඩබිම මෙහෙයුමකදී සොයාගනු ලැබූ වැඩිම මත්ද්‍රව්‍ය තොගය තංගල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට පොලීසිය අද සමත් වුණා.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් අද උදෑසන සොයා ගැණුනු අතර ඒ ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක තිබී හෙරොයින් සහ අයිස් මතද්‍රව්‍ය කිලෝ 200කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ ආසන්නයේ තිබූ තවත් කුඩා ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ අතර අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් ප්‍රවාහනය කළ තවත් ලොරි රථයක් තංගල්ල ප්‍රදේශයේදී පොලීසිය විසින් අද සිය භාරයට ගනු ලැබුවා.

කොමඩු ප්‍රවාහනය කරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ එම ලොරි රථයේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 200කට අධික ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

අදාළ ලොරි රථයේ තිබී ටී 56 ගිනි අවියක් සහ රිවෝල්වර් 05ක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

අදාළ ස්ථාන නිරීක්‍ෂණය කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද අද තංගල්ල ප්‍රදේශයට පැමිණියා.

එහිදී ඔහු කියා සිටියේ මෙරට ගොඩබිම තුළ සිදුකළ වැටලීමකදි සොයාගැනුණු විශාලතම මත්ද්‍රව්‍ය මෙය වන බවයි.

එහිදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.