දඟ පන්දු යවන්නන් විසින් අද එක්දින ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් බිහි කළා.
ඒ, එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට සමස්ත තරඟයේ පන්දුවාර 50ම, දඟ පන්දු යවන්නන් පස්දෙනෙකු පමණක් යොදා ගනිමින් අවසන් කරමින්.
මෙම තරඟය සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන දෙවන එක්දින තරගයයි.
එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පන්දු යැවීම සඳහා දඟ පන්දු යවන්නන් පස් දෙනෙකු යොදා ගෙන තිබුණා.
මීට පෙර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තරගයකදී වැඩිම දඟ පන්දු යවන්නන් යොදා ගනිමින් ක්‍රීඩාකළ තරගය වාර්තා වූයේ 1996 දීයි.
ඔස්ටේ්රලියාවේ පැවැති එම තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ පන්දු වාර 44ක් දඟ පන්දු යවන්නන් පමණක් යොදා ගනිමින් ක්‍රීඩ කර තිබුණා.
ඉන්පසු ශ්‍රී ලංකා කණ්ඩායම 1998දී නවසීලන්තයට එරෙහිව ද 2004දී ඔස්ටේ්රලියාවට එරෙහිව ද තරඟයේ පන්දුවාර 44ක් දඟ පන්දු යවන්නන් යොදා ගනිමින් අවසන් කළා.
ඒ අනුව, බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවැති තරගය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තරගයක සියලු පන්දු වාර දඟ පන්දු යවන්නන් පමණක් යොදා ගනිමින් තරඟ කළ පළමු තරඟය වනවා.