චිකුන්ගුන්යා රෝගීන් පිළිබඳ දත්ත සම්පූර්ණ වශයෙන් නිවාරණ අංශ වෙත වාර්තා නොවන බැවින් එම රෝගය පැතිරෙමින් පවතින ප්‍රදේශ නිශ්චිත ලෙස හඳුනාගැනීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ එය නිවාරණ කටයුතුවලටද විශාල ගැටලුවක් වී ඇති බවයි.

කොරෝනා වෛරසය ආසාධිත වූ පුද්ගලයින් හඳුනාගැනීමේ පරීක්‍ෂණ මේ වන විට බිම් මට්ටමින් ක්‍රියාත්මක නොවන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී කියා සිටියා.