Published
වාකරේ, කරුවන්කේනි වැවේ දිය නාමින් සිටියදී දියේ ගිලී දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙක්, වයස අවුරුදු 11ක පිරිමි ළමයෙකු සහ වයස අවුරුදු 10ක තවත් පිරිමි ළමයෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
දරුවන්ගේ මව්පියන් එම වැවෙහි ධිවර කටයුතුවල නිරත වී සිටියදී දරුවන් වැවේ තිබු වලකට වැටී එලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.