ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ලබන 21 වන දින සංවිධාන කර ඇති ආණ්ඩු විරෝධී රැළියට සහභාගි වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ එම රැළියට පක්ෂය සම්බන්ධ නොවීමෙන් තම පක්ෂයෙන් ඊට බලපෑමක් සිදු නොවන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ මේ වන විටත් ආණ්ඩු විරෝධී රැළියට පක්ෂ කිහිපයක් සහය පළ කිරීමට එකඟතාව පළ කර ඇති බවයි.

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කර ඇති ආණ්ඩු විරෝධී රැළිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙලෙස අදහස් පළ කළා.

ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන නව පාලන තන්ත්‍රයක් රට තුළ ස්ථාපිත කළ යුතු බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් පැවසුවේ.

ජනතාවට සහන සපයනවා යැයි බලයට පත්වූ ආණ්ඩුව ජනතාව පීඩනයට චලක් කරමින් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

කළුතරදී මාධ්‍යයට අදහස් දක්වමින් මනත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ජනතාවට සහන සපයන නව වැඩපිළිවෙළක් රජය මැදිහත් වී ආරම්භ කළ යුතු බවයි.