Published
රුපියල්.10,000/- අල්ලස් ලබාගැනීම සම්බන්ඳයෙන් කීර්ති බණ්ඩාරපුර පොලීස් ස්ථානයේ සැරයන්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ විමර්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැමිණිලිකරුට අයත් වැලි ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක් නවතා එහි වැලි ප්‍රවාහන බලපත්‍රය අත්සන් නොකර සිටීමටත්, වැලි ප්‍රවාහන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමටත් රු. 10,000/- ක අල්ලස් ඉල්ලා තිබෙනවා. පසුව රු. 10,000/- ක අල්ලස කීර්ති බණ්ඩාරපුර හෝටලයක් තුළදී ලබා ගැනීමට යාමේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි ල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ. අත්අඩංගුවට ගත් සැකකරු වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙමස18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.