Published
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය දින නියමයක් නොමැතිව කල්දමා තිබෙනවා.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි මෙම විභාගය එළැඹෙන 14වනදා පැවැත්වීමට නියමිතව තිබුණ අතර නිවේදනයක් නිකුත්කරමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසා සිටියේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙලෙස කල් දැමීමට සිදුව ඇත බවයි.
ඒ අනුව විභාගය පවත්වන දිනය පසුව දැනුම්දෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.




