මහනුවර, ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීථී සංචාරය කෙරුණේ පස්වරු 06:43ට යෙදුණු සුබ මොහොතින්. එය නැරඹීමට විශාල පිරිසක් මහනුවරට පැමිණ සිටියා. මේ, අද දිනයේ වීථි සංචාරය කෙරෙන පළමු රන්දෝලි පෙරහැරේ සූදානම පිළිබඳ තොරතුරු ගෙන එන මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ අවසන් මහා රන්දෝලි පෙරහැර ලබන 08 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි.