Published
මහනුවර දළදා පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් “මහනුවර ඇසළ පෙරහැර – 2025” තොරතුරු කළමණාකරන පද්ධතිය පොලීසිය විසින් හඳුන්වා දී තිබෙනවා.
එය පරිශීලනය කරන මහජනතාවට රථ වාහන නැවැත්වීම සඳහා ඇති රථගාල්, පෙරහැර ගමන් ගන්නා මාර්ගය, පෙරහැර නැරඹිය හැකි ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන සහ පැමිණි පිරිසෙන් මඟහැරෙන්නන් හමුවිය හැකි ස්ථාන සම්බන්ධව සජීවී තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව http://www.police.lk/ යන වෙබ් අඩවියට පිවිස “මහනුවර ඇසළ පෙරහැර” යනුවෙන් සඳහන් කර එම පද්ධතියට පිවිස හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.