රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූ දහසක් වටිනා ''කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන වෙනත් පුද්ගයෙකු ලවා මෙරටට ගෙනැවිත් සිය නිවසෙහි සගවා ගෙන සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දීර්ඝ විමර්ශනයකින් පසුව ඊයේ(14) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
34 හැවිරිදි මොහු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර විවිධ පුද්ගලයන් යොදවා විදේශ වලින් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඒවා රට පුරා අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයවන්නෙකු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා.
ඒ අනුව 13 වන දැන් දින මෙම මත්ද්‍රව්‍ය තොගය අඩංගු ගමන් මල්ල වෙනත් පුද්ගයෙකු අත එවා ඇති අතර එය කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන මෙම ජාවාරම්කරුවාගේ නිවසට රැගෙන ගොස් භාර දී ඇති අතර මෙම ජාවාරම්කරුවා ඊයේ(14) දින අත් බෑගයක් පමණක් රැගෙන තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණ තිබුණා.
මේ සියල්ල හොදින් නිරීක්ෂණය කරමින් සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මෙම ව්‍යාපාරිකයා නිවෙසට පැමිණි පසු , නිවෙස වටලා ඒ වනවිටත් සිය නිවසෙහි විවෘත නොකළ ගමන් මල්ල තුළ ඇසුරුම් 20 කට සකස් කර තිබූ "කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 21 යි ග්‍රෑම් 668 ක තොගයක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව මෙම ජාවාරම්කරුවා සන්තකයෙහි රුපියල් පහළොස් ලක්ෂ දහ නව දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,900 ක මුදලක් ද තිබී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ජාවාරම්කරුවා සහ ඔහු සන්තකයෙහි තිබූ මුදල් සහ "කුෂ්" මත්ද්‍රව්‍ය තොගය අද(15) වැළිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.





