දැදුරුඔය පාලම ආසන්නයේ ඊයේ පස්වරුවේ සිදුවූ දිය අනතුරෙන් මියගිය ගණන 5 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාළ ස්ථානයේ දියනාමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකු දියේ ගිලීම හේතුවෙන් මියගොස් තිබුණා.

දියේ ගිලෙමින් සිටි එම අවස්ථාවේදීම බේරාගෙන හලාවත රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයාද ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස මියගොස් ඇති පුද්ගලයින් අවුරුදු 12, 16, 19 සහ 27 වන වයස්වල පසුවූ මාකොළ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

විනෝද චාරිකාවක් සදහා පැමිණ දියනාමින් සිටියදී ඔවුන් එම අනතුරට මුහුණ පා තිබුණා.