Published
දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා
වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වන විට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8 ක් අඩි 08 බැගින් විවෘත කර ඇති බවයි
විවෘත කර ඇති එම ජල දොරවල් වලින් තත්ත්පරයට ජලය ඝන අඩි 42,700 ක් දැදුරුඔයට මුදා හැරෙන බව අද අළුයම 5.37 ට නිකුත් කර ඇති වාර්තාවක සදහන් වන්නේ.
මේ අතර,රාජාංගනය ජලාශයේ සහ අංගමුවම ජලාශ වල විවෘත කර ඇති වාන් දොරටු වලින් තත්ත්පරයට ජලය ඝන අඩි 18,600 ක් කලාඔයට මුදා හැරෙන බවද වාරි මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
පවතින තත්වය නිසා දැදුරුඔයේ සහ කලාඔයේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් ඒ අවට පදිංචිකරුවන් අවදානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකරණ ඒකකය පවසන්නේ




