දැදුරු ඔයේ දියේ ගිලි මියගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දියේ ගිලී සිටියදී බේරාගෙන රෝහලට රැගෙන ගිය තරුණයාද මියගොස් තිබෙන බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

අදාළ තරුණයන් දියේ ගිලීමත් සමග ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගැනීමට උත්සාහ කළත්, එම අවස්ථාවේදීම සොයාගැනීමට හැකිවූයේ එක් අයෙකු පමණි.

කෙසේ වෙතත් ඔහු කඩිනමින් හලාවත මහ රෝහලට රැගෙන ගියත් දිවි බේරාගැනීමට නොහැකි විය.

එමෙන්ම සෙසු පිරිසගේ සිරුරුද පස්වරුවේ සොයාගනු ලැබීය.

කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් පස් දෙනෙකු මෙලෙස දියේ ගිලී මරණයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.