Published
යළි ලුණු හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යමින් පාරිභෝගියන්ට අවශ්‍ය ලුණු ලබාදීමට කටයුතු කර ඇති බවයි.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පිළිබඳ පළවන සාවද්‍ය තොරතුරු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළා.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහන සමඟ අද උදෑසන සජීවීව සම්බන්ධ වෙමින්.