දඹුල්ල, ඉනාමළුව, දිගම්පතන රජයේ රක්ෂිතය තුළ තිබී ඇතෙකුගේ සහ වනඅලි දෙදෙනෙකුගේ මළ සිරුරු හා අස්ථි කොටස් කිහිපයක් සොයාගැනීමේ සිද්ධියට අදාල විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලබාදෙන ලෙස වනජීවී දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙනවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී. මාරසිංහ මහතා විසින් මෙම ඉල්ලීම කර ඇත්තේ වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින්.
දිගම්පතන ප්‍රදේශයේ රක්ෂිතය තුළ මියගොස් සිටි ඇතාගේ දළ යුගළ කිසියම් අයෙකු විසින් ගලවාගෙන ගොස් තිබෙනවා.
ඒ අනුව අදාල විමර්ශන සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් වනඅලින් බහුලව ගැවසෙන රක්ෂිත ආශ්‍රිතව නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සම්බන්ධ විශේෂ මෙහෙයුමක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
මේ අතර වනඅලි මරණ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා වනජීවී දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.