Published
ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් තැපැල් සේවකයන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය දිවයිනපුරා ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ වැඩවර්ජනය හේතුවෙන් තැපැල් ප්‍රවාහන කටයුතු දිවයින පුරා සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි.
එවන් පසුබිමක් තුළ ජනතාවගේ එදිනෙදා කටයුතුවලටද බලපෑම් එල්ල විය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. කෙසේවෙතත් තැපැල් සේවකයන් ආරම්භ කළ එම වැඩ වර්ජනය සාධාරණ නොවන බවයි අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ. මේ, ඊට ප්‍රතිචාර දැක්වූ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා.