Published
පවතින වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳ තවදුරටත් දේශපාලන වේදිකාවල විවිධ මත පල වනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ මේ වන විට මත ගැටුමකට ලක්ව තිබෙන යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම පිළිබඳ ප්‍රශ්නය තවදුරටත් සාකච්ඡා කර වර්තමාන රජය ඒ සඳහා පිළිගත හැකි විසඳුමක් ලබා දියයුතු බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා දැක්වූයේ මෙවන් අදහසක්. වත්මන් ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු අමතක කරමින් මේ වන විට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. රජය ආර්ථිකය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල ධනාත්මක අදහස් පළ කළත් පසුගිය කාලය තුළ සැලකිය යුතු මට්ටමේ ආර්ථික වර්ධනයක් දක්නට නොලැබෙන බවයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ. ආණ්ඩුවේ වැඩපිළිවෙළට ඉදිරියටත් සහයෝගය දීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළේ.