ඊසාන දින මෝසම සක්‍රිය වීමත් සමග දෙසැම්බර් හා ජනවාරි මාසවලදී අඩුපීඩන ප්‍රදේශවල කැලඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසුවේ පසුගිය වසර 30 තුළ ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ දත්ත පරිශීලනය කර ඉදිරිපත් කළ වාර්තාවක් මගින් එම තොරතුරු අනාවරණ වී ඇති බවයි.

ඒ අනුව උතුරු පළාත තුළ සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සඳහන් කළේ.

ඊසානදිග මෝසම සක්‍රිය විමත් සමග දිස්ත්‍රික්ක කිහිපයක තවදුරටත් නායයාමේ අවදානමක් පවති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එම තත්ත්වය පිළිබඳ අවධානයේන කටයුතු කරන ලෙසයි ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.