දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සෘජුවම බලපෑමට ලක් වූ ප්‍රදේශවල සේවය කළ සේවකයින් තුන් ලක්ෂ 74,000 කට බලපෑම් එල්ල වී ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇස්තමේන්තු කර තිබෙනවා.
මෙම සේවකයින්ට වෙනත් තැනක රාජකාරී කිරීමට හෝ ගුණාත්මක රැකියාවක් සොයා ගැනීමට නොහැකි වුවහොත් මාසයකට අහිමි විය හැකි ආදායමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 48 ක් විය හැකි බවටයි එම සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ.
ඔවුන්ගේ නවතම වාර්තාවට අනුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කෘෂිකර්මාන්තය සහ ධීවර අංශය දැඩි බලපෑමට ලක්ව තිබෙනවා.
ගංවතුරෙන් වී වගා කරන ඉඩම්වලින් සියයට 23 ක් දක්වා ප්‍රමාණයක් බලපෑමට ලක්ව ඇතැයි එහි සඳහන්.
තේ කර්මාන්තයේ නිෂ්පාදන පාඩු පිළිබඳ මූලික ඇස්තමේන්තුව සියයට 35 ක් තරම් ඉහළ අගයක් ගත හැකි බවටයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇස්තමේන්තු කර ඇත්තේ.
සියයට 70 ක් වන කුඩා වතු හිමියන්ට ද බලපෑම් එල්ල වී ඇති බව එහි සඳහන්.
මෙම විනාශකාරී තත්වයන් සැලකිල්ලට ගනිමින්, ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්ෂණික පියවර ගැනීමට කෙටි කාලීන විසඳුම් ලෙස හදිසි මුදල් ආධාර සහ යහපත් සේවා කොන්දේසි සහතික කරන රැකියා සඳහා ප්‍රමුඛතාවය දිය යුතු බවයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන්නේ.




