Published
පැවති අයහපත් කාළගුණය හේතුවෙන් කොළඹ - හලාවත දුම්රිය මාර්ගයේ ස්ථාන කීපයකට හානි සිදුවී තිබෙනවා.
නාත්තන්ඩිය - මාදම්පේ දුම්රිය ස්ථාන අතර මෙම තත්ත්වය වැඩි වශයෙන් දකින්නට තිබෙන බවයි සදහාන් වන්නේ.
නාත්තන්ඩිය - වලහාපිටිය දුම්රිය ස්ථාන අතර එක් ස්ථානයක් හානියට පත්ව ඇති අතර කුඩාවැව - නෙළුම්පොකුණ දුම්රිය ස්ථාන අතර මාර්ගයද ස්ථාන කීපයක්ම හානි වී ඇති බවක් දක්නට තිබෙනවා.
එම දුම්රිය ස්ථාන අතර ඇති කඩූපිටිඔය හරහා තිබෙන පාලමට යාබදව දැඩි ලෙස හානි වී ඇති අයුරු පහත ඇති ඡායාරූප වල දැක්වේ.
මෙම තත්ත්වය හේතුවෙන් කොළඹ -හලාවත මාර්ගයේ දුම්රිය ගමනා ගමනය දින කීපයක් යන තුරු නාත්තන්ඩිය දුම්රිය ස්ථානයට සීමා විය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර සිටියේ.





