‘දිට්වා’ සුළි කුණාටුව සිදුකළ ව්‍යසනය, ස්ථාවරව හා ක්‍රමිකව ගොඩනගමින් තිබූ ආර්ථිකයට එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ත්‍රිකුණාමලය නාවික සහ සාගරික විද්‍යා පීඨයේ පැවති අධිකාරියට පත් කිරීමේ සහ විසිරයාමේ පෙළපාළිය එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

දිවයිනට බලපෑ ආපදා තත්ත්වයේදී පුරවැසියන්ගේ ජීවිත රැකගැනීම වෙනුවෙන් ජීවිත පරදුවට තබා ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ සහ සිදු කරන මෙහෙය ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අගයකර සිටියා.