පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නාය යැම්, පස් කදු කඩා වැටිම් ආදි ආපදා හේතුවෙන් ඊයේ(03)දා වන විට මාතලේ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් ඇති බව මාතලේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රසන්න මදනායක මහතා පවසනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11ම නාය යැම් හේතුවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 3854 ක පුද්ගලයින් 10925ක් පිඩාවට පත්ව ඇති අතර නිවාස 112ක් සම්පුර්ණයෙන් විනාශ වි තිබෙනවා.

ඒ අතර නිවාස 892ක් අර්ධ හානි සිදුව ඇති බවද දිසාපතිවරයා වැඩි දුරටත් පවසනවා.

දිස්ත්‍රික්කයේ සුරක්ෂිතතා මධ්‍යස්තාන 49ක පවුල් 1562ක පුද්ගලයින් 5509ක් රදවා ඇති අතර ඔවුන්ට අවශ්‍ය සහන කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධිකරණයෙන් ග්‍රාම නිලධාරි සංවර්ධන නිලධාරින් ඇතුලු රාජ්‍ය නිලධාරින් සවේඡා සංවිධාන පරිත්‍යාගශීලින් ඇතුලු පිරිසක් විසින් සිදු කරන බවද දිසාපති වරයා පවසනවා.