දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාලගුණයට අද දිනයේද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මඩකලපුව ප්‍රදේශය ආශ්‍රිතව පැවති දිට්වා සුළි කුණාටුව දැන් පවතින්නේ ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර් 50ක් දකුණු දෙසින්.

එහි ගමන් මඟ කෙසේද? ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම කෙබඳුද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතාගෙන් නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් විමසා සිටියා.

මේ දක්වා වැඩිම වර්ෂාපතනය ඇද හැළී ඇත්තේ කුමන ප්‍රදේශවලටද?

අද දිනයේ වැසි අපේක්‍ෂා කරන්නේ කුමන ප්‍රදේශවලටද?

මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙසේද? ධීවරයන්ට සහ නාවිකයන්ට මුහුදු යාම සුදුසුද?

මේ වන විට පවතින තද වැසි පහව යන්නේ කවදාදැයි නෙත් නිවුස් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රීතිකා ජයකොඩි මහත්මියගෙන් විමසීමක් කළා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ කාලගුණයට බලපෑම් කරමින් සිටින දිට්වා සුළි කුණාටුව ඉදිරි පැය 48 තුළ ඉන්දියාවට ඇතුළුවීමට නියමිතයි.