උතුරු සහ දකුණු පළාත්වල අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 02.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

මේ අතර දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 390ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවමත් අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණන 352ක්. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා.