‘දිට්වා‘ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ මනස සුවපත් කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන දියත් කරන බියෝන්ඩ් රිකවරි නියමු ව්‍යාපෘතිය බදුල්ලෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ, ‘දිට්වා‘ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වී සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින දරු දැරියන් සහ වැඩිහිටි ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින්.

ඒ අනුව මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරහෙල මහා විද්‍යාලයේ සහ කනුගොල්ල සුමනාරාම විහාරස්ථානයේ ස්ථාපිත සුරක්ෂා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම සමාරම්භක වැඩසටහන පැවැත්වුණා.

එම විද්‍යාලයේ පවුල් 118 කට අයත් පුද්ගලයින් 279 දෙනෙකු සහ කනුගොල්ල සුමනාරාම විහාරස්ථානයේ පවුල් 101 ක සාමාජිකයින් 288 දෙනෙකු තාවකාලිකව රදවා සිටිනවා.