දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට රු. බි. 500ක් වෙන් කිරීමේ පරිපූරක ඇස්තමේන්තුවට විපක්ෂයේ ද උපරිම සහයෝගය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කර සිටියා .

තවද විපතට පත් වූ ගේදොර, ජීවිත හා ජීවනෝපාය අහිමි වූ ජනතාවගේ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න වේලාවක් ලබා දෙන ලෙසද අද පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියා.

මේ අවස්ථාවේ අනුකම්පා සහගතව මේ මිනිසුන් ගැන සිතා කෑම වේලාව මේ අවස්ථාවට ලබ දෙන ලෙස ද වැඩි දුරටත් ඔහු ඉල්ලා සිටියා.