දිට්වා සුළිකුණාටුව සහ පැවති ආපදා තත්ත්වය හමුවේ වසා දැමූ පාසල්වල කටයුතු අද ආරම්භ වුණා.

ඒ, අනුව අද දිනයේ පාසල් වෙත කැදවා තිබුණේ විදුහල්පතිවරු, ගුරුවරුන් සහ පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල පමණයි.

හෙට සිට පාසල් සිසුන් පාසල් වෙත කැදවා ඇති අතර ඒ අනුව හෙට සිට පාසල් කටයුතු සිදුවනවා.

කෙසේවෙතත් ආපදා තත්ත්වය හමුවේ බලපෑමට ලක්වූ පාසල් 147 ක් හෙට දිනයේ ආරම්භ වන්නේ නැහැ.