රට තුළ සිදුවන මාරක අනතුරු අවම කරගැනීම සඳහා දැන් හෝ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු වැළැක්වීමේ විද්වත් කමිටුවේ සන්නාම තානාපති ඩිලන්ත මාලගමුව මහතා පවසනවා. ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූරයෙකුද වන ඔහු සඳහන් කළේ මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සම්බන්ධ කර ගනිමින් කාර්ය සාධක බලකායක් පිහිටවිය යුතු බවයි.

කොතෙකුත් දැනුවත්කිරීම සිදු කළද ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැතිව රිය අනතුරු අවම කරගත නොහැකි බවයි ඔහු කියා සිටියේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු වැළැක්වීමේ විද්වත් කමිටුවේ සන්නාම තානාපති ඩිලන්ත මාලගමුව මහතා වැඩිදුරටත් කියා සිටියේ මාර්ග නීති සම්බන්ධයෙන් පවතින නීති දැඩි කළ යුතු බවයි.