පටු අරමුණු ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී දළදා මාලිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ථ බෞද්ධ සමාජයේ ගෞරවය ආරක්ෂා කිරීමට දියවඩන නිලමේ නිලවරණයට ඉදිරිපත්ව සිටින සියලු අපේක්ෂකයින් අධිශ්ඨාන කරගත යුතු බව මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් පවසනවා.
දියවඩන නිලමේ ධූරය සම්බන්ධයෙන් සිදු කෙරෙන අපහාසාත්මක සංවාද සහ එමඟින් ශ්‍රී දළදා මාලිගාවේ උභය මහා විහාරයන්ගේ හා සමස්ථ බෞද්ධ සමාජයේ ගෞරවයට සිදුවන හානිය පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් මේ බව සඳහන් කර තිබෙනවා.
තමන් සහයෝගය දක්වන දියවඩන නිලමේ අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමේ පටු අරමුණින් විවිධ බාහිර පාර්ශ්ව මඟින් සිදු කරන අපහාසාත්මක ප්‍රකාශයන් හේතුවෙන් මේ වන විට බෞද්ධ සමාජය ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වීම කණගාටුවක් බවයි මහනාහිමිවරුන් පෙන්වා දී ඇත්තේ.
මල්වතු, අස්ගිරි මහනායක ස්වාමින් වහන්සේලා විසින් නිකුත් කළ මෙම නිවේදන නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.




