ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන අද තෙවන දිනටත් ක්‍රියාත්මක වුණා.
පසුගිය දින දෙක පුරා මෙන්ම අද පෙරවරුවේද විශාල පිරිසක් අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග්, පාසල් පාවහන් ඇතුලු පාසල් උපකරණ රැසක් ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරමින් මෙම වැඩසටහනට සිය දායකත්වය එක් කළා.
මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මාතලේ රත්තොට දික්කුඹුර රජයේ විද්‍යාලයේ දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු යළි නගැ සිටුවීමේ දිරිය නෙත් නැණ සවිය සමාජ සත්කාරක වැඩසටහනේ පළමු අදියර අද ක්‍රියාත්මක කෙරුණා. ඒ පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත අශෝක සුමනසේකරගෙන්.
මේ අතර ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීම සදහා ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය වෙනුවෙන් ඔබටද දායක විය හැකියි.
කොල්ලුපිටියේ 05 වන පටුමගේ පිහිටි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන කාර්යාලයට සහ බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ඕෂන් වීව් ගොඩනැගිල්ලේ නෙත් එෆ් එම් රේඩියෝවේ මැදිරි සංකීර්ණය වෙත අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග්, පාසල් පාවහන් ඇතුලු පාසැල් උපකරණ ඔබට භාරදිය හැකි වනවා.
එමෙන්ම දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන සඳහා අධ්‍යාපන උපකරණ භාර දිය හැකි මධ්‍යස්ථාන රැසක් හෙට දිනයේදීද ක්‍රියාත්මකයි.
දිවයින පුරා පිහිටි සරසවි පොත්හල් සහ ඩී එස් අයි ප්රදර්ශනාගාර, කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය, කළුතර විද්‍යාලය, අම්බලන්තොට මහා විද්‍යාලය, ගාල්ල උඩුගම ජාතික පාසල, බණ්ඩාරවෙල විශාකා විද්‍යාලය, බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලය සහ බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය වෙතද ඔබගේ පරිත්‍යාග භාර දිය හැකියි.
බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය, හාතාගල රජමහා විහාරස්ථානය වෙතද දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන සඳහා ඔබගේ පරිත්‍යාග භාර ගැනෙනවා.




