ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන අද 07 වන දිනටත් ක්‍රියාත්මක වනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලී ජනතාව මෙන්ම විවිධ සංවිධාන පසුගිය දින හය පුරා “දිරිය නෙත් - නැණ සවිය” වැඩසටහනට සිය දායකත්වය ලබාදීමට එක්වුණේ මහත් උනන්දුවකින් යුතුවයි.

අද දිනයේ මෙම වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා දිරිය නෙත් ව්‍යාපෘති සභාපති සුනිල් ශාන්ත මහතා.

කොල්ලුපිටියේ 05 වන පටුමගේ පිහිටි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන කාර්යාලයට සහ බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ඕෂන් වීව් ගොඩනැගිල්ලේ පිහිටි නෙත් එෆ් එම් මෙහෙයුම් කාර්යාලය වෙත මෙම වැඩසටහන සඳහා පරිත්‍යාග භාර ගැනීම සිදු වනවා.

දිවයින පුරා පිහිටි සරසවි පොත්හල් සහ ඩී එස් අයි ප්‍රදර්ශනාගාරවලට දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන සඳහා පරිත්‍යාග භාර දිය හැකියි.