ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන අදත් සාර්ථකව ක්‍රියාත්මක වුණා.
ඒ, පස්වන දිනටයි. “දිරිය නෙත් - නැණ සවිය” සමග සක්‍රීයව එක්ව සිටින බණ්ඩාරවෙළ වැඩසටහන පිළිබඳ තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කර ගන්නවා එහි රැඳී සිටින උපුල් සිංහපතිරණ.
දිවයින පුරා පිහිටි සරසවි පොත්හල් සහ ඩී එස් අයි ප්‍රදර්ශනාගාර, බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලය සහ බණ්ඩාරවෙල ජේ එම් සී ජාත්‍යන්තර පාසලේද දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන සඳහා පරිත්‍යාග භාර ගැනෙනවා.
එමෙන්ම කොල්ලුපිටියේ 05 වන පටුමගේ පිහිටි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන කාර්යාලයට සහ බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ඕෂන් වීව් ගොඩනැගිල්ලේ පිහිටි නෙත් එෆ් එම් මෙහෙයුම් කාර්යාලය වෙත මෙම වැඩසටහන සඳහා පරිත්‍යාග භාර ගැනීම සිදු වනවා.


