ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝවේ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය මේ වනවිට ක්‍රියාත්මකයි.
ඒ අනුව ඔබටද අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග්, පාසල් පාවහන් ඇතුලු පාසැල් උපකරණ අපට භාරදී මේ සදහා එක්විය හැකියි.
එම කටයුත්ත සදහා මේ වනවිටත් පාර්ශව කිහිපයක් නෙත් එෆ් එම් රේඩියෝව සමග අත්වැල් බැදගෙන සිටිනවා.
ඒ අනුව “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය සමග අත්වැල් බැදගත් එක් පාර්ශවයක් වන්නේ කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය 91 ක කණ්ඩායමයි.
එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය 91 කණ්ඩායමේ සංවිධායක චමිල පෙරේරා මහතා පැවසුවේ අද පෙරවරුවේ ආරම්භ කළ එම සත්කාරය වැඩසටහන ඉතා සාර්ථකව සිය පාසලේදීද ක්‍රියාත්මක බවයි.
ඒ අනුව ජනතාවට කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගොඩනැගිල්ල වෙත සිය පරිත්‍යාග ලබාදිය හැකි බවද ඔහු පැවසුවා.
මේ අතර ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට එක් වූ බණ්ඩාරවෙල ප්‍රජාවද “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය සදහා එක් වුණා.
ඒ අනුව ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීම සදහා බණ්ඩාරවෙල සහ ඒ අවට ජනතාවට සිය පරිත්‍යාග බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම ධර්මවිජය පිරිවෙන් මහා විහාරස්ථානයට භාරදිය හැකි බවයි එම කටයුත්ත සදහා බණ්ඩාරවෙල මූලිකත්වය ගෙන කටයුතු කරන උපුල්සිංහ පතිරණ මහතා පැවසුවේ.
ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක නෙත් එෆ් එම් රේඩියෝවේ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය සදහා ඔබට දිවයිනේ සරසවි පොත් ශාඛා ජාලය වෙත හෝ ඕනෑම ඩී එස් අයි ප්‍රදර්ශනාගාරයකටද සිය පරිත්‍යාග භාරදිය හැකි වනවා.
එමෙන්ම පීඩාවට පත් දරුවන්ට පරිත්‍යා කිරීම සදහා ඔබ මිලදී ගන්නා භාණ්ඩවලට විශේෂ වට්ටම් ලබාදීමටද ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීම සදහා ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික සත්කාරය වෙනුවෙන් කොල්ලුපිටියේ 5වන පටුමගේ පිහිටි නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන කාර්යාලයට සහ බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ඕෂන් වීව් ගොඩනැගිල්ලේ නෙත් එෆ් එම් රේඩියෝවේ මැදිරි සංකීර්ණය වෙත ඔබටද අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග්, පාසල් පාවහන් ඇතුලු පාසැල් උපකරණ භාරදිය හැකියි.
ඊට අමතරව කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය, මාතර සුජාතා විද්‍යාලය, ගාල්ල, උඩුගම ජාතික පාසල, මාතර මහමායා බාලිකා විද්‍යාලයටද “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහන සදහා පරිත්‍යාග ලබාදිය හැකි වනවා.
හුංගම, හාතාගල රජමහා විහාරය, අම්බලන්තොට මහා විද්‍යාලය සහ ඇඹිලිපිටිය සම්පත් ෆැෂන් ආයතනය වෙත ද ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීම සදහා සිය පරිත්‍යාග ලබාදිය හැකියි.
මේ අතර හානියට පත් පාසල් පිරිසිදු කිරීමට මෙන්ම හානියට පත් උපකරණ ලබාදීමට ද “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපන සත්කාරය යටතේ ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි



