ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහනේ දෙවන දිනය අදයි.

එය ආරම්භ වූ ඊයේ දිනයේ විශාල පිරිසක් අභ්‍යාස පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, පාසල් බෑග්, පාසල් පාවහන් ඇතුලු පාසැල් උපකරණ රැසක් පරිත්‍යාග කරනු ලැබුවා.

ඒ සඳහා පළමු දිනයේම බොහෝ දරුවන් සිය දෙමව්පියන් උනන්දු කර තිබූ බවයි නෙත් එෆ් එම් සහකාර සාමාන්‍යාධිකාරි අලෙවි සහ දිරිය නෙත් ව්‍යාපෘතියේ සභාපති සුනිල් ශාන්ත මහතා පැවසුවේ

“දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපන සත්කාරය සදහා අත්වැල් බැදගත් තවත් පාර්ශව කිහිපයක් පිළිබදවද නෙත් එෆ් එම් සහකාර සාමාන්‍යාධිකාරි අලෙවි සහ දිරිය නෙත් ව්‍යාපෘතියේ සභාපති සුනිල් ශාන්ත මහතා කරුණු දැක්වූවා.

හානියට පත් පාසල් පිරිසිදු කිරීමට මෙන්ම හානියට පත් උපකරණ ලබාදීමට ද “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපන සත්කාරය යටතේ ඉදිරියේදී සිදුවනවා.